ලංකාවේ ජන විඥානය හා ක්‍රිකට් අතර තියෙන්නේ
පුදුමාකාර ලැදියාවක්. ඒක හරියට ගහට පොත්ත වගේ. ක්‍රිකට් හොයා ගත්තේ ලංකාවේ
නම් නෙමෙයි. හැබැයි ක්‍රිකට් ගැන කථා කරද්දී ලංකාව ගැන කථා නොකර බැහැ. මොකද මේ
පුංචි රට ලෝක සිතියමේ කවුරුත් දන්න හොයන තැනකට ගෙන එන්න ක්‍රිකට් උදව් වුණා. ක්‍රිකට්
කියන්නේ ඇත්තට ම පිස්සුවක් ! උමතුවක් ! ඉස්කෝලේ වයසේ ඉද්දි අපි පංති කාමරය ඇතුළේ
වන් බම්‍ෆ් ගහනවා. සතියකට සැරයක් යාළුවෝ එක්ක ගෙවල් ගාව ග්‍රවුන්ඩ් එකේ මැච්
ගහනවා. මාසයකට සැරයක් බඩි මැච් එකක්. ලංකාව සෙල්ලම් කරන ක්‍රිකට් මැච් මග නොහැර ක්ලාස්
කට් කරගෙන බලනවා. ටී.වී එකෙන් නැත්තම් අතේ තියෙන සත පනහ වියදම් කරගෙන ග්‍රවුන්ඩ්වලට
ගිහිල්ලා.
පොන්ටිං කියන්නෙ තාක්ෂණයෙන් අගතැන්පත් ක්‍රීඩකයෙක්.
ඔහුගේ මනරම් ඩ්‍රයිව් පහරවල් ක්‍රිකට් පිටියට එක් කළේ චමත්කාරයක්. ඔහුට ම ආවේණික
පුල් පහරත් එලෙස ය. ටිකෙන් ටික පොන්ටිං ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අවධානය තමා වෙත
නතු කරගැනීමට සමත් වුණා. ක්‍රිකට් පොතේ වාර්තා ගණනක් ම අලුත් වෙමින් ඒවා පොන්ටිංගේ
නමින් ලියැවුනා. ලෝක එක්දින පිටියේ වැඩි ම ලකුණු ලාභීන් අතර පොන්ටිං දෙවැනි වන්නේ
සුපිරි පිතිකරු සචින්ට පමණි. ටෙස්ට් පිටියේ ද ලකුණු ලාභීන් අතර පොන්ටිංට
ඉදිරියෙන් ඉන්නේ සචින් පමණි. වැඩි ම ටෙස්ට් ශතක (41) ලාභීන් අතර ද පොන්ටිං
තුන්වැනියා ය. වැඩි ම ටෙස්ට් අර්ධ ශතක (62) ලාභීන්ගේ ද දෙවැන්නා පොංටින් ය. එක්දින
පිටියේ ද වැඩි ම ශතක (30) ලාභින් හා අර්ධ ශතක (82) අතර දෙවැන්නා ද පොංටින් ය.
කෙසේ වෙතත් පොන්‍ටිං ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා
පිටියෙන් සමු ගත්තා. එය කාගෙත් කණගාටුවට කරුණක්. එහෙත් පොන්ටිං කීවේ තමාගේ වර්තමාන
දක්ෂතා පිළිබද ඔහු සෑහිමකට පත් නොවන බව ය. අපි පොන්ටිංගේ තීරණයට ගරු කරනවා. හැබැයි
පොන්ටිං ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගෙන නැහැ. ඔහු බිග් බෑෂ් තරගාවලිය ඇතුළු විස්සයි
විස්ස තරගවල දී දැක ගැනීමට පුළුවන්. ඒ ආරංචිය පොන්ටිංට ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ට
මහත් අස්වැසිල්ලක් වනු ඇත.
No comments:
Post a Comment